Thursday, January 8, 2015

අම්මි කිව්වම ඇත්තටම කැතද ?

"නියම සිංහල ගෙදරක අම්මි කියල පාවිච්චි කරන්නේ නෑ" අද යාළුවෙක් එක්ක පොඩි චැට් එකක් දාගෙන ඉද්දි එයා කියපු කතාවක් මේක. ඇත්තටම අම්මි කිව්වාම අපි සිංහල නෙමෙයිද?

පොඩි කාලේ අපි වචන හුරු වෙන්නේ අම්මා තාත්තා නැත්නම් වැඩිහිටියන්ගෙන්.  එයාල කියල දෙන දේ ඇරුනාම ඉපදෙන කොට අපි වචන දැනගෙන එන්නේ නෑනේ. ඒ විතරක් නෙමෙයි අපි සිංහලද දෙමළද නැත්නම් ප්‍රංශ කතාකරන්න වෙන්නේ කියලා දැනගෙන එන්නෙත් නෑ නේ. ඒනිසා පොඩි කාලේ අම්මා තාත්තා වැඩිහිටියන් කියල දීපු විදිහට තමයි අපි එයාලව ආමන්ත්‍රණය කරන්නේ.. ඒකට ඉතින් එක පැත්තකින් අපිටවත් අනික් අතට වැඩිහිටියන්ටවත් වැරැද්දක් කියන්න බෑනේ.

එහෙම බැලුවාම ඒ යාළුවා කියපු දේ වැරදි කියන තැන තමයි මම ඉන්නේ. ඒකට හේතුව මේ ඔය කාරණාවට හිත රිදුන පලවෙනි වතාව මේක නොවන නිසා. ඉස්කෝලෙදි දවසක් යාළුවෙක් මේ විදිහටම ඇහුවා "ඇයි අනේ ඔයා අම්මි කියන්නේ? අම්මි කියන්නේ දෙමළෙන් මිරිස් ගලටලු"  ඒ වෙලාවේ එතන හිටිය සෙනගත් එක්ක මගේ ඇස් දෙකට කදුළු ආවේ ඒක වැරදි දෙයක් වගේ දැනුන නිසයි.

ගෙදර ඇවිත් මම ඒක අම්මිට කිව්වෙත් ඇස් දෙකේ කදුළු පුරෝගෙන. අම්මි හිනා වුනා විතරයි. ඒත් නංගිවත් කතා කරගෙන අම්මිව අම්ම කරන්න අපි දෙන්න සෑහෙන්න දැගලුවා.. ඒත් පුංචි කමට වෙන්න ඇති ඒක කරගන්න බැරි වුනා. අපි දෙන්නටම හිනා යන්න පටන් ගත්තා.. එතකොට අම්මි කිව්වේ පුතේ ඔයාල අම්මි කිව්වත් අම්ම කිව්වත් මං ගැන තියන ආදරේ වෙනස් වෙන්නේ නැත්නම් එච්චරයි කියලා

මම දන්නේ නෑ මේක කියවන කීදෙනෙක් මේ විදිහට කතා කරන එකට බනිනවද කියලා. ඒත් ඒ බනිද්දිම ඇයි හිතන්න බැරි එයාල අම්ම කියද්දි දෙන ආදරේම අපි අම්මි කියද්දිත් අපේ හිතේ තියනවා කියලා. මාමි, බාප්පි, අක්කි කිව්වට ඔයාල තරම්ම ආදරේ අපෙ හිත් වලත් එයාල ගැන තියනවා කියලා?

මිනිස්සු මහ පටු අදහස් තියාගෙන ඉන්න උන් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි. වෙන භාෂාවලින් අපි කතාකරන වචන වලට තියෙන්නේ වෙන තේරුමක් කියලා අපි අපේ කතාකරන වචන වෙනස් කරන්න ඕනි කියලා මම නම් හිතන්නේ නෑ.

ඒක ඒ මිනිස්සුන්ගේ භාෂාව, මේක අපේ භාෂාව, අපි අම්මි කියලා මිරිස්ගලටවත්, කුණු කූඩෙකටවත් කියන්නේ නෑනේ. ඒ වගේ තමයි අපි භාවිත කරන අසැබි වචන වෙන භාෂාවල හොද වචන විදිහට පාවිච්චි කරනවා. ඒක ඉතින් ඒ දේවල් හැදුන හැටිනේ.

මම පොඩි කාලේ ඉදන් පුරුදු වෙලා තියෙන්නේ මෙහෙම තමයි. ඒක වෙනස් කරන්න මට බෑ. කවුරුවත් කිව්වට වෙනස් කරන්න හිතන්නෙත් නෑ. ඒත් ඒක එහෙම වුනාම හිතට ගොඩාක් දුකයි. අපි හැමෝම මිනිස්සු, අපි හැමෝම තමන්ගේ අයට ආදරෙයි. ආමන්ත්‍රණයෙන් මනිනවා නම් ආදරේ ඒක වැරදි දෙයක්.

කාලෙකට කලින් මම හිරූගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දැම්මා අම්මල තාත්තලට ඔයා මෙයා කියලා කතාකරනවට මම ආස නෑ කියලා.. එතකොට ඩූඩ් අයියා දාල තිබුනා එයා නම් ඒකේ කිසි වැරැද්දක් දකින්නේ නෑ ඒකෙන් දූදරු දෙමව්පිය සම්බන්ධය වැඩි වෙනවා කියලා. හෙමින් සැරේ කල්පනා කරලා බැලුවාම ඒ කතාවත් හරි කියලා මට දැනුනා.  එතනදිත් වෙන්නේ මොන ඇමතුමක් දුන්නත් තමන්ගේ ආදරේ අනිත් අයට දැනෙන්න දෙන එක.

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ

ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

“ඔය ගීතයේ අම්මා වෙනුවට අම්මි කියලා දැම්මා නම් ඔය ලස්සන අපට දැනේවිද ? “

මේක තමයි යාළුවා අන්තිමට දාල තිබුනේ. මට දෙන්න තියෙන්නේ මෙහෙම පිළිතුරක්.

ඔයාට මේක දැනෙනවා වගේම මටත් මේ කියල තියන දේවල් දැනෙනවා.. ඒකට හේතුව මේ සිංදුවේ තියන දේවල් හැම අම්මා කෙනෙකුටම පොදු නිසා. අම්මා කෙනෙක් ගැන විතරක් නෙමෙයි ඒ වගේ තමන් ගැන බලන තමන්ට ආදරේ කරන අක්ක කෙනෙක්, නංගි කෙනෙක් වගේම බිරිදක් වුනත් ආදේශ කරගෙන සිංදුව අහන්න. ඇත්තටම කදුළු එනවා ඇස් දෙකට. ආමන්ත්‍රණයේ නෙමෙයි හැගීමෙයි තේරුම තියෙන්න ඕනි.හැගීමක් නැතුව කරන ආමන්ත්‍රණයක් හිස් වචනයක් විතරයි.


39 comments:

  1. හ්ම්ම්ම්..මුල ඉදලම කියෙව්වා..ආදරේ මනින්න නම් වචන වලින් විතරක් බැහැ..ඒක හැබෑව.ඔය ගැටලුවට හේතුව ගොඩක් වෙලාවට එන්නෙ දරුවන්ගේ හුරතලයත් එක්ක.පියෙක් හැටියට මමත් ඔය අත්දැකීම ලැබුවා.මගේ පුංචි දුවත් ඔය විදිහට අම්මි තාත්ති කියන්න පටන් ගත්ත, ඒ එක එක අය කියන විදිහට.නමුත් පුතා අම්ම තාත්ත කියන නිසා ඇයත් පසුව ඒ විදිහට හුරු උනා.ගොඩක් ගැහැණු දරුවො විතරක් ඉන්න පවුල් වල ඔය බාෂා හුරුව තියෙනවා.මගේ නම් අදහස නගා..තමන්ගේ දෙමවුපියන්ට තමන් කැමති උපරිමයෙන් ආමන්ත්‍රණය කරන්න.හැබැයි ප්‍රාදේශීය වශයෙන් ඔය හුරුවට තියන අකමැත්ත වැඩියි.ඒ නිසා අනෙක් වැඩිහිටියන්ට අම්ම,තාත්ත,මාම.බාප්ප ,නැන්ද....ඔය විදිහට හුරු වෙන්න බලන්න.වැල යන අතට මැස්ස ගහන්න පුරුදු වෙන්න..එතකොට ජීවිතේ විදවන්න වෙන්නෙ නැහැ.ඒකෙන් කියන්නෙ හැමදේම ඉවසගෙන ඉන්න කියල නෙමෙයි..වැලක් උනත් කාලයත් එක්ක අපිට ඕනෙ හැඩේට සකස් කර ගන්න පුළුවන්...ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මෙතනෙ කැමැත්ත අකමැත්ත පිළිබද ප්‍රශ්නයක් තියන බව ඇත්ත අයියේ. මම කියන්නේ ඒ අකමැත්ත ප්‍රකාශ කිරීම වගේම එහෙම කතා කරන එක නවත්තන්න කියන එක වැරදියි. අර කතාවක් තියෙන්නේ ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා. ඒ වගේ තමයි. මේ ප්‍රශ්නෙදි නම් මට මැස්ස කොහොමත් ගහන්න බැරිවෙයි වැල යන අතට. මොකද ඒක කරන්න බැරි දෙයක් කියලා මට දැනෙන නිසා.

      Delete
  2. ඔයාට කියන්න නංගි මේ කියන කාරණය ගැන මමත් මරාගත්තනෙ මේ ලගදි මගේ අරයා එක්ක. පොඩි උන් පොඩි කාලෙ ඔය අම්මි / තාත්ති / මාමි / බාප්පි කියද්දි පොඩි සුන්දරත්වයක්...තියෙනවා මොකද ඒ අය ළමයි නිසා...නමුත් කරදඩු උස් මහත් වෙච්ච මහ උන් එහෙම කියද්දි නොගැලපීමක් වගේ දෙයක් මට දැනෙන්නෙ. ඔයාට කියන්න නගා අරයා මා එක්ක සෑහෙන වාද විවාද කලා ඔය ගැන...අන්තිමේදි විසදුමක් නැතුව මූණ එල්ලගෙන වැඩේ හබක් උනා...ඔයා මේ ගැන ලියපු එක හොඳයි. මම එයාටත් පෙන්වන්නම්...කමක් නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. පොඩි එකා වුනත් මහ එකා වුනත් ළමය ළමයයි. දෙමව්පියන්ට තමන්ගේ ළමයි වයසට යන්නේ නෑ වගේම ළමයිනුත් අම්මල තාත්තල වයසට යනවට කැමති නෑ. අයියේ අකමැත්ත තියෙන්නේ හිතේ. අනික එයා කොහොම එයාගේ අම්මටයි තත්තටයි කතා කරත් ඔයාගේ අම්මටයි තාත්තාටයි හරියට ඔයාගේ විදිහට කතා කරනවා නම් හරිනේ. කියන වචනේ ඉදන් ගෑණු වෙනස් කරල කසාද බදින්න බෑ. දැන් ගුටි නොකා සද්ද නැතුව ඉන්න.

      Delete
    2. මේ කෙල්ලගේ සැර...ගෙනියන එකාට දෙයියන්ගේම පිහිටයි..

      Delete
    3. සැරයි කියන්නෙ කොච්චි කරලක් වගේ...මට බයේ බෑ ලොකු මාමෙ...මේ කෙල්ල අත දිග ඇරලා කනට එකක් ගැහුවොත් මේ ජාලෙ හරහා අත දාලා...මාව මානසිකව වැටිලා තුවාල වෙන්න ඉඩ තියෙනවා...

      Delete
    4. සිරා කොලුවා ගුටි කන්න ලගයි වගේ. සිකුරත් ලබල කියල ආරංචියක් ආව. . .

      Delete
    5. @ ඉන්දික අයියා, අනේ නෑ අයියේ මම හරී අහිංසකයි.
      @ සිරා අයියේ, මානසිකව වැටිල තුවාල වෙනවා කියල ඇහුවමයි මේ.
      @ මල්කොබා මාමේ, ගුටි කෑමයි සිකුරා ලැබීමයි අතර සම්බන්දෙ මොකක්ද

      Delete
    6. මගේ යාලුවෙක් ඉන්නව දැන් මහ ලොකු ජනතා නියෝජිතයෙක්.. කවුද කියන්නෑ හරි නැති නිසා.. තාම ගමේ හැමෝටම කියන්නේ මාමි, නැන්දි, බාප්පි, පුංචි එතකොට ගෙදර ඉන්නේ අම්මියි තාත්තියි එක්ක.. හැක් හැක්.. මට නම් පොඩි විකාරයක් වගේ.. ඒත් ඌට ඒක ගානක් නෑ..

      Delete
    7. පුරුදු වෙලා තියන හැටිනේ ඉතිං, කරන්න දෙයක් නෑ දැන්. අපි වෙනස් වෙන්න ගියාම දැන් අපි විකාරයක් වෙනවා.. ඊට හොදයි පුරුදු විදිහටම ඉන්න එක.

      Delete
    8. නදිනි නංගී...
      සිරා මානසිකව වැටිල තුවාල වුනහම අපි පාන්දර 3.30 4.00 වෙනකන් නිදිමාරගෙන ඒ තුවාල් වලට බෙහෙත් දාන්න ඔනේ...ඊට පස්සේ නිදිමරගාතේ මම උදේ වැඩට යනකොට හයිවේ එකේ ගාඩ් රේලින් එකක් කඩාගෙන ගියොත් මානසිකව වැටිල තුවාල වුනා වගේ නෙමෙයි.. :D

      මම
      මයික්

      Delete
    9. එතකොට මයික් පුතාට ඔහෙ පොලිසියෙන් දැඩි දඩුවම්....බලන්න මානසිකව වැටුනාම ඒකෙ පලපෑම කොච්චර කිලෝමීටර් ගානක් එහාට විහිදෙනවද කියලා...මේ කෙල්ලට මේවා තේරෙනවා කියලයැ...නැද්ද බං මයික්...

      Delete
    10. සිරා,
      පොලිසියෙන් දැඩි දඩුවම් දෙන එකක් නෑ නින්ද ගියාටනම්... ඒ මොන දඩුවම් විඳින්න වෙන්නේ ජීවත් වෙලා හිටියොත් විතරයි..
      අනික ඉතින් එක පැත්තක් නෙමෙයි .... අර කෙල්ල කියන දේවලුත් අහන්න ඔනේනේ..මමනම් හිතුවෙ 3 වෙනි ලෝක යුද්දෙ පටන් ගත්තා තමයි කියල​... යන්තම් සාම සාකඡ්ඡා සාර්ථක වුනා...ඔය දැන් ඉන්නේ අපූරුවට​.... :D
      මම
      මයික්

      Delete
    11. මට පේන විදිහට මයික් අයියා තමයි සිරා අයියගේ සිකුරා ලැබීම ගැන හරියටම දන්න කෙනා.. අපිටත් කියන්නකො බලන්න විස්තරේ.
      ඔහොම රණ්ඩු අල්ලනවනම් කෙල්ල කොහොම මානසිකව වැටිල තුවාල වෙලා ඇතිද?

      Delete
    12. නදිනි නංගී... පේනවානේ... මේක මුලු ලෝකයටම බලපාන ප්‍රශ්නයක් වෙලා...අනික සිකුර ලබපු එක රහසක්. :D

      මම
      මයික්

      Delete
  3. නදිනි මගේ අදහස පෝස්ට් එකේම දාලා තියෙනවා. සමහරු මේ ආමන්ත්‍රණයට දැඩි විරෝධතාවයක් එල්ල කරන බව මම දන්නවා. නමුත් ඒක පෞද්ගලික කැමැත්ත. අම්මි කිව්වාම කිසිම කිව්වාම ඒකෙන් කිසිම හානියක් වෙනවා කියලා. අනික තව බාසාවකින් වෙනත් දෙයක් අදහස් වෙන නිසා එහෙම නොකිව යුතුයි කියන එක මහම මෝඩ කතාවක් හැටියටයි මම දකින්නේ. එහෙම වුනොත් ලෝකේ කිසිම භාෂාවකට ගැලවුමක් ලෙබෙන්නේ නෑ.

    දැන් මමී කියන වචනේ (දැන් නම් හුඟ දෙනෙක් කියන්නේ මම් කියලා) හඬින් මමී කියන වචනෙට සමාන නිසා ලෝකේ ඉංග්‍රීසි කතා කරන ජනතාව ඒක ප්‍රශ්ණයක් කරගෙන නෑ නේද?

    ඔය විදියට බැලුවොත් එකම පුද්ගලයට ලංකාවෙම එක එක ප්‍රදේශවල සීයා, ආතා, අත්තා කියන්නේ. එහෙම නම් ඒකත් ප්‍රමිතියකට යටත් කරන්න එපායැ.

    මගේ අදහස නම් අම්මි කියන වචනේ උදහසට ලක්විය යුතු නෑ කියන එකයි.

    ReplyDelete
    Replies
    1. අපි අපෙත් පියාට කිව්වෙ තාත්තා කියල අම්මට කිව්වෙ අම්මා කියල. මගෙ ලමයි මට කියන්නෙ තාත්ති.. අම්මට කියන්නෙ අම්මි.. ඉතිං මොකෝ ? අර ඩූඩ් කියන්න වගෙ අපි සිංහලෙන් කියන දේවලට ලෝකෙ වෙන බාසාවලින් ඇති තේරුම් ගැන හිතන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ. මේ වචන මේ විදිහට කියන්නෙ ආදරේටයි.. හැම ඇමතුමක්ම නීති රීති වලින් බැඳගත්තාම වෙන්නෙ ජීවිතේ සුන්දරත්වය නැතිවෙන එකයි..

      Delete
    2. ඉංග්‍රීසි වචනේ පස්සේ ඇතුල් කරන්න හිටියට අමතක වුනානේ. මම අදහස් කලේ මේකයි

      දැන් mommy or mummy කියන වචනේ (දැන් නම් හුඟ දෙනෙක් කියන්නේ මම් කියලා) mummy (පිරමිඩ් ඇතුලේ තැන්පත් කරපු මෘත ශරීර) කියන වචනෙට සමාන නිසා ලෝකේ ඉංග්‍රීසි කතා කරන ජනතාව ඒක ප්‍රශ්ණයක් කරගෙන නෑ නේද?

      Delete
    3. පාට්නර් මොකද මේ දවස් වල දකින්න නැත්තෙ...

      Delete
    4. ඔය අදහසම තමයි මමත් දරන්නේ. අපේ අම්මිගේ පවුලේ 7 දෙනෙක්. ඒකෙන් ලොකු 5 දෙනාම අච්චිටයි සීයටයි අම්මා තාත්තා කියනවා.. ඒත් පොඩිම පුංචිලා දෙන්න කියන්නේ අම්මි, තාත්ති කියලා. කොහෙන් ආපු එකක්ද කියලා දන්නේ නැතත් ඒක හැමෝම දකින දෙයක්. ඒක ගැනත් කියලා දවසක් අම්මි කිව්වා ඒත් 7 දෙනාමගේම ආදරේ එකයිනේ කියලා. අපි කොයි තරම් දේවල් ආදරේට කියනවද අනිත් අයට. මම නම් හිතන්නේ ඒක තමන්ගේ කැමැත්ත. ඒක පිස්සුවක් කියලා නවත්තන්න ඕනි දෙයක් නෙමෙයි.

      Delete
  4. මටත් මගේ අම්මට 'අම්මි' කියන එක මගේ එක නැන්දා කෙනෙක්ට 'කිරිමේල්' එකක් වෙලා තිබ්බ. අනේ කවුද ඔව්ව ගණන් ගන්නේ. තෝ/උඹ/අඩෝ වගේ වචනයක් නොවෙන හින්දත් ගරුසරුවට හැසිරෙන හින්දත් ( ඒ කියන්නේ අම්මි කිව්වා කියල අම්මට පොඩ්ඩක්වත් ගරු නොකර ඉන්න ළමයෙක් විදියට හැසිරෙන්නේ නැත්තම්) මම හිතන්නේ එහෙම අවුලක් නැහැ.

    තව දෙයක් තියෙනවා. මගේ යාලුවෙක් ගේ නැන්දම්මා හෙන ගෝරියක් ඇදලා තිබ්බ ඒ යාළුවා තමුන්ගේ සැමියාට නම කියා අමතනවා කියල. ( නැන්දම්මාගේ තියරියට අනුව 'මහත්තයා' කියන්න ලු.) ඒ දෙන්නට අවුලක් නැත්තම් මොකද අනිත් උන්ට තියෙන කැක්කුම??

    ඉස්සර කාලේ ( මම කියන්නේ මීට අවුරුදු 50-60 කට කලින්) මම කියෝලා තියෙන විදියට අම්මට තාත්තට උනත් 'උඹ' කියලා කතා කරලා තියෙනවා. ඒත් එහි අගෞරවයක් පේන්න නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලේ උඹ කියලා අම්මා තාත්තව ඇමතුවත් ඒකෙ ලොකු ආදරයක් ගැබ් වෙලා තිබුනා. ඒ වගේ තමයි දැන් මොනදේ කියලා ඇමතුවත් ඒකේ ආදරේ තියනවා නම් එච්චරයි. අර කියන්නා වගේ අම්මා තාත්තා කියල ඇමතුවත් ඒකේ ගෞරවයක් නැත්නම් ඒකෙන් වැඩක් නෑනේ.

      යාළුවා නැන්දම්මා වගේ හැදුනද නැත්නම් නැන්දම්මා යාළුවා වගේ හැදුනද? :)

      Delete
    2. දැන් අපිට කෙනෙක් තමුන්ගේ අම්මට 'උඹ' කිව්වම කිරිමේල් එකක් වගේ දැනෙනවා වගේ තමයි ඉතින් වෙන උන්ට අපි 'අම්මි' කියන එක දැනෙනවා ඇත්තේ. අපි නම් අම්මි විතරක් නෙවෙයි 'අම්මියෝ' වගේ වචනත් පාවිච්චි කළා කිසි අවුලක් නැතුව.

      අපෝ ලොවෙත් නැහැ එහෙම හැදෙන්නේ.. මගේ ජාතියේ එකියක්. ඒකි දැන් වෙනම ජිවත් වෙනවා යසට උන් දෙන්නට උන් දෙන්නගේ නම් කියාගෙන.

      Delete
    3. මමත් හිතට එන එක කියලා කතාකරනවා ආදරේ පෙන්නන්න ඕනි වුනාම. ඕක හිතේ තියන් ඉදල මැරුනාම ලියල පෙට්ටියට දාන්න බෑනේ. කියලා දැම්මම ඉවරයි.

      Delete
  5. අම්මි තාත්ති මාමි නැන්දි නංගා නැත්තං නංගො
    තූක් ඉතරක්
    සිංහල නං සිංහල අපභ්‍රංස නං අපභ්‍රංස...
    රටේ ඉන්න බාගෙකටම හරියකට සිංහල බෑ පොඩි කාලෙ ඉදල හරියකට හදාගන්ට ඕන
    පෞද්ගලිකව මම සිංහල ය විකෘති කිරීම් වලට අකමැතියි... ඒක පොඩි කාලෙ ඉදන් හදාගන්ට ඕන දෙයක්...
    ඔහොම හැදෙන උං බාගෙකටත් වඩා(සම්පූර්ණයෙන්ම නොව) සිංහල ය ගැන ඇත්තේ අල්ප මාත්‍ර හැතීමක් නැත්තං ඒක නිකං හීන ගරුත්වයක් වගේ දෙයක්... ඔය ඉ කාරයෙන් අවසන් කරන හුගක් උං ඉන්න පවුල් වල උං හරියකට සිංහල කතා කරන්නේ නැ...
    සමහරු ඉන්නව හරකට (එක්කො තැත්ත කියකො) කව්ව කියලව
    ඒ මොන සිංහලක්ද

    මට කෙනෙක් කෙරේ අනික තුළ තියෙන ආදරේ ප්‍රශ්නයක් නෑ ඒත් සිංහල විකෘති නොවිය යුතු යි කියල ස්ථානයෙ යි මම ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. සිංහල විකෘති වෙන එකම තැන මේක නෙමෙයිනේ මහෙෂ්. අනික මේකෙන් කාටවත් කරදරයක් හිරිහැරයක් නැතිනිසායි මම ඒක වෙනස් කරන්න කැමති නැත්තේ. මේක එක එක්කෙනා හැදුන පරිසරය. පොඩි උදාහරණයක් මම නැන්දගේ මහත්තයට කියන්නේ අප්පච්චි, මගෙන් පටන්ගෙන හැමෝම පොඩි අය කියන්නෙත් අප්පච්චි කියලා ඒත් තාත්තිගේ ආදරේ අප්පච්චිට නෑනේ. ඒක ආමන්ත්‍රණය විතරයි

      Delete
    2. අඩේ... හරකට තැත්තා කිවිල්ලෙයි කව්වා කිවිල්ලෙයි ඇති අවුල පහදා දෙනු මැනවි... තැත්තා නම් කිසිම බාසාවක මම අසා නැති අතර කව්වා නම් අඩුම තරමේ ඉංගිරිස් උරුවක් තිබෙන බව සිතමි.

      Delete
    3. තැත්තා කියන එක මම නම් අහල තියෙන්නේ ගම්වල පාවිච්චි කරනවා... කව්වා කියන එක ළමයිම හදාගත්ත දෙයක් වෙන්න පුළුවන්.

      Delete
  6. ළමයි අම්ම , තාත්ත කියන වචනය පාවිච්චි කරන්නේ පොඩිකාලෙ කවුරුහරි උගන්නපු විදිහට. උදාහරණයක් විදිහට බහ තෝරන පුංචි එකාට" කෝ බබා අම්මි , තාත්ති
    " කියන එක දිගටම ඇහුනොත් අම්ම ට ,අම්මිත් , තාත්තට තාත්තිත් කියන්න පුරුදු වෙනව.
    ඔය මොන ආමන්ත්‍රනයෙන් ඇමතුවත් දරුවන්ගේ දෙමාපියන් එක්ක තියන බැදීමට හානියක් වෙන්නෙ නෑ කියන එක තමයි මගේ අදහස.
    දෙමාපියන්ට ඔය මොන විදිහට කතා කලත්, සමාජය ඉදිරියේ දරුවො ක්‍රියාවෙන් දෙමාපියන්ව ලැජ්ජාවට පත් නොකර යහපත් ජිවිතයක් ගත කල යුතුයි කියන එක තමයි දෙදරු පියෙක් වශයෙන් මම ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි අය්යේ, අම්ම කිව්වත් අම්මි කිව්වත් ළමයගේ ක්‍රියාව තමයි වැදගත්. ළමය හැසිරෙන්නේ නරක විදිහට නම් මෑණියන් කිව්වත් වැඩක් නෑනේ.

      Delete
  7. අම්ම වුනත් , අම්මි වුනත් මේ වචනයේ නෙවෙයි හැම දේම තියෙන්නේ හිතේ , කොහොම ආමන්ත්‍රණය කලත් එකම ආදරය ගෞරවය හිතේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ජය වේවා ඉවාන්. සේරම ප්‍රශ්න තියෙන්නේ හිතේ...

      Delete
  8. හිතේ තියෙන ආදරේ කියන වචනෙන් වෙනස් වෙන්නේ නැ කියලයි මට හිතෙන්නේ. . . . . සමහරු ලස්සනට , පොෂ් ගතියටත් ඔහොම කියනවනේ. . හරියට නිකන් හින්දි ෆිල්ම් එකක දෙබස් වගේ. හරිම ස්වීට් විදිහට. .. . සමාජයේ වෙන වෙනස විම් අපේ සංස්කෘතියත් එක්ක ගලපද්දී තමයි ඔය කියන අවුල එන්නෙ

    ReplyDelete
    Replies
    1. මටනම් අම්මි කියන එකේ කිසිම පොෂ් ගතියක් නෑ. ඒක හදවතින්ම එන දෙයක් මිසක් කාටවත් ඇහෙන්න කතා කිරීමක් නොවන නිසා :)
      බොහොම ස්තූතියි මේ පැත්තට ආවාට, කෝ ගෙනාවේ නැද්ද පොල් පැලයක් වත්?

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. පොඩි කාලේ අකුරු කියෝපු එක අවුලක් වගේ...
    අ යන්න...
    ම් යන්න
    මා යන්න .......අම්මි...
    ලොල් සිද්දිය... මටත් ඔහොම එවුන්ව පෙන්න බෑ...

    කලින් එකේ ටයිපින්ග් මිස්ටේක් උන බැවින් බලධාරියා විසින් කපා හරින ලදී....

    ReplyDelete
    Replies
    1. මේ බූටෝ දෙනව එකක් විසිවෙන්න හරිද?

      Delete
    2. එහෙමද ආස....? :(

      Delete
    3. කැමැත්තක් නෙමෙයි බූට්, ඒත් පුරුදු වෙලා තියෙන්නෙ එහෙම ඉතිං ඒක අතඇරගන්න බෑ දැන්.

      Delete

නදී නිම්න‍යේ තබා යන්න ඔ‍බේ සිතුවිලි මුතු අහුරක්...